Skip to content

Instantly share code, notes, and snippets.

@priyankahdp
Created August 3, 2017 12:45
Show Gist options
  • Save priyankahdp/c43498f799ebac21b584db5cd2fdcc74 to your computer and use it in GitHub Desktop.
Save priyankahdp/c43498f799ebac21b584db5cd2fdcc74 to your computer and use it in GitHub Desktop.
KARMA
කර්මය යනු කුමක්ද ?
කර්මය යනු කිසිවෙකු විමසුවොත් දිය හැකි පිළිතුර වන්නේ “චේතනාව” කියාය. එසේ නම් කර්මය යනු “චේතනාව” ය. නැතිනම් “සිතිවිල්ල” ය. චෛතසික හෙවත් සිතිවිලි 52 ක් අභිධර්මයේ දක්වයි. එයින් එක් චෛතසිකයක් වී ඇත්තේ චේතනා චෛතසිකයයි. කෙසේ වෙතත් චේතනාව පමනක් කර්මය නොවේ. කර්මයක් වීමට නම් චේතනාවක් සහිතව සිදුවුවක් තිබිය යුතුය. චේතනාවක් සහිතව සිතෙන් කයෙන් වචනයෙන් සිදුවන ක්‍රීයා කර්ම ලෙස පැවසීම මේ අනුව ඉතා නිවැරදී.
ඇවදීම, වැඩකිරීම, නිදීම, සිටීම ආදී ක්‍රියා කර්ම ලෙස පෘතක්ජනයා සිතයි. එහෙත් කර්මය යනු ඒවා නොව, කුසල අකුසල චේතනා කර්ම ලෙස බුදු දහමේ දැක්වෙයි. සිතෙන් කයෙන් වචනයෙන් යම් කිසි ක්‍රියාවක් කරන විට අප සිත තුල පහළ වන චේතනාව කර්මය නම් වේ.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
චේතයිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා” යන්නෙහි අර්තය එයයි .
මේ අනුව කර්මය යනු කෙනෙකුගේ ඉබේ සිදු වන දේ නොව කෙනෙකු සිතින් සිතා නැත්නම් සචේතනිකව කරන ක්‍රියාවන් කර්මය ලෙස සැලකිය හැකි බව පෙනෙයි.
කර්මය කොටස් දෙකකි.
1. කුසල කර්ම
2. අකුසල කර්ම
1.කුසල කර්ම :-
අලෝභ, අදෝශ, අමෝහ යනු කුසලයක් ඉපදීමට පදනම් වන සිතුවිලිය. එම සිතුවිලි තුන මුල් වී කෙනෙක් යමක් කරයිද, කියයිද එයින් නිපදවන්නේ කුසල කර්මයි. එකී සතුවිලි මුල් වූ කායික මානසික හා වාචසික ක්‍රීයා කුසල කර්ම අතරෙහිලා සැලකිය හැකිය.
2.අකුසල කර්ම :-
අකුසල කර්ම යනු ලෝභ, දෝෂ, මෝහ, යන අකුසල සිතුවිලි පදන්ම් වී කයෙන් සිතෙන් වචනයෙන් කරණ ක්‍රියාවන්ය. මෙකී කුමන ක්‍රීයාවකින් වුවද ප්‍රතිවිපාක ලැබීම සිදුවේ. කුසල කර්ම සඳහා යහපත් සැප විපාකද අකුසල කර්ම සඳහා අයහපත් දුක් විපාකද එය සිදුකරන්නා වෙත පැමිණේ.
කර්මය හා සම්බන්ධ කර්ම විපාක ගැන කතා කිරීමේදී එය කොටස් දෙකකින් යුක්ත බව පෙනෙයි.
1. ප්‍රවෘත්ති විපාක
2. පටිසන්දි විපාක යනුවෙනි
ඒ නැවත උපතක් ලබාදිය නොහැකි කර්ම ප්‍රවෘත්ති විපාක ලෙසත්, නැවත උපතක් ලබාදිය හැකි කර්ම පටිසන්ධි විපාක ලෙසත් දැක්විය හැකිය. කර්මය පිළිබඳ කර්ම පථ කියා විස්තර කිරීමක්ද වෙයි. මෙහිදී කර්ම යන්න සමාන වන්නේ ප්‍රවෘත්ති විපාකයට හෙවත් විපාක ලබාදීමට සමත් වන දුබල කර්මයන්ටය. කර්ම පථ යනු පටිසන්ධි විපාක ලබා දෙන්නාවූ ප්‍රබල කර්මයන්ය. මෙම ස්වරූපයට විපාක ලබාදෙන ප්‍රබල හෝ දුබ කර්ම රැස්කරන්නේ මිනිසුන් වන් අප විසින්මයි. එම නිසා අප විසින් කරන්නා වූ කායික මානසික හා වාචසික යන කිසිදු ක්‍රියාවක වගකීම වෙනකෙකු හට පැවරිය නොහැක. එය අප විසින් භාරගත යුතුය. ජිවිත ගමනේදී සැපවිපාක ගෙන දෙමින් අප පසුපස එන කර්ම කුසල කර්මයි. සසර තුල දුක්, වේදනා උරුමකර දෙමින් කරත්තයක බැඳි ගොනා මෙන් එහි බර උසුලා යන්නා සේ අකුසල කර්ම විපාක අප පසුපස ගමන් කරයි.
ඉහත දැක්වු කර්ම හා කර්ම පථ යන දෙකෙහි වෙනස තව දුරටත් වටහා ගැනීම ප්‍රයෝජනවත්ය. කුසල හෝ අකුසල ක්‍රියාවත් කර්ම හෝ කර්ම පථය බවට පත්වන්නේ කෙසේද? අන්සතු දෙයක් ගැනීම හොරකමයි. එය අකුසලයකි පාපයකි. යමෙකුට අන්සතු දෙයක් ගැනීමට සිතක් ඇතිවීම. ඒ සමඟම මොනයම් හෝ දෙයක් සිදුවී ඒ දෙය ලාබාගත නොහැකි වේ. එම නිසා ඔහුට අන්සතු දෙය ගැනීමේ විපාකයන් විඳීමට සිදුනොවේ. ඒ එම ක්‍රියාව කර්ම පථයක් බවට පත්වීමට තරම් ප්‍රබල ක්‍රියාවක් නොවූ නිසායි. එයින් සිදුවන්නේ කර්මයක් පමනී.
කුසල් ක්‍රියා පිළිබඳව තතු මෙසේය. කර්ම පථයක් හෙවත් ප්‍රබල කුසල හෝ අකුසල කර්මයක් සිදු වන්නේ සිතෙන් සිතූ තරමට නොව සිතෙන් සිතා කයෙන් හා වචනයෙන් එය සදුකල තරමටය. මතුභවයක උපතක් ලබා දීමට හේතු වන්නේ කර්ම පථ බවට පත් වූ ක්‍රියාය. තව දුරත් සඳහන් කළොත් කාමභව, රූපභව, අරූපභවවල නැත්නම් ත්‍රිවිද ලෝක වල උපත ලබාදෙන්නේ කර්ම පථයට අනුවය. මේ අනුව පැහැදිලී කර්ම පථ යන්න ඍජුවම සම්බන්ඳ වන්නේ ප්‍රතිසන්දි විපාක යන කොටසටය.
කර්ම පථ බවට පත් නොවූ කර්මවල හෙවත් දුබල කර්මවල ඇත්තේ ප්‍රවෘත්ති විපාක ලබා දෙන ශක්තිය පමණි. ප්‍රවෘත්ති විපාක යනුවෙන් කිසඅයම් කර්මයක් කළ විට කායික වශයෙන් ඇතිවන වෙනස්කම්ය. කෝපයක් ඇතිවූවිට ඇස් රතු වීම, සාහසික පෙනුමක් ඇති වීම, දාඩිය වැගිරීම ආදිය මීට නිදසුන් කළ හැකිය. යහපත් සිතුවිල්ලක් ඇති වූ විට දැනෙන සහනය, ප්‍රසන්න පෙන්‍රම, ප්‍රියශීලී බව සන්සුන් ගතිය ආදිය කුසල සිතක් නිසා කෙනෙකුට දැනෙන ප්‍රවෘත්ති විපාකය. එහෙත් ප්‍රවෘත්ති විපාක එතරම් ප්‍රබල නොවේ. කර්මයේ විවිධ ප්‍රෙභ්ද රාශියක් දක්නට ඇත.
1. විපාක දෙන කාල වශයෙන් 4 කි.
2. විපාක දීම් වශයෙන් 4 කි.
3. විපාක කෘත්‍ය වශයෙන් 4 කි.
4. විපාක දෙන ස්ථාන වශයෙන් 4 කි.
විපාක දෙන කාල වශයෙන් කර්ම 4 කි.
1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
2. උපපජ්ජ වේදනීය කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
4. අහෝසි කර්ම යනුවෙනි.
කිසියම් ක්‍රියාවක් කිරිමේදි එයඑ සම්බන්ධ ජවයක් සිත් හතක් උපදියි. එයින් පළමුවන ජවන් සිත තුළ දී සිදු කළ කුසල හෝ අකුසල ක්‍රියාවක විපාකය මේ ජිවිතය තුළදීම පළදෙයි. එලෙස මෙලොවදීම පළ දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.
කුසල අකුසල යන දෙවර්ගයේම ක්‍රියාවලට මෙලොවඳීම ආනිසංස හා ආදීනව විඳීමට සිදු වෙයි. පුණ්ණ සුටුතුමා , එකසාටක බමුණා, සුමනමලාකරුවා සිල්වත් ගුණවත් උතුමන්ට පැහැදී දුන් දානවල ආනිසංස මෙලොවදීම ලැබුහ. බුදු, පසේ බුදු, මහරහත් වැනි උතුමන්ට හා තම ‍දෙමව්පියන්ට මෙන්ම තමන්ට උපකාර කළ මිතුරන්ට විපත් කරදර කළ අයට ඒවාට ගැලපෙන විපාකවලඑ මේ ජීවිතය තුළදීම පුහුණ දීමට සිදු වෙයි. සුප්‍රබුද්ධ රජ, දේවදත්ත, චිංචිමානවිකාව ආදීන් විපාක වින්දේ මෙවැනි දේ සඳහාය.
උපපජ්ජවේදනීය කර්මය මරණයෙන් පසු ඊළඟ ආත්මයේදී විපාක දීමට ඉදිරිපත් වන කරිම ඉහත නමින් හැඳින් වේ. මෙම කුසල් හෝ අකුසල් කර්ම දෙවන ආත්මයේදී විපාක නොඳුන්න හොත් අහෝසිකර්ම බවට ඒවා පත් වී විපාක නොදෙන බව විග්‍රහ කෙරෙයි.
අපරාපරිය වේදනීය කර්ම ලෙස විස්තර වන්නේ තුන්වන ආත්ම භාවයේ සිට කෙළෙස් නසා රහත් වන ආත්මය දක්වා කුමන හෝ ආත්මයකදී විපාක දෙන කුසල හෝ අකුසල ක්‍රියාවන්ය. කිසියම් ක්‍රියාවක් කිරීමේදී තම සිතෙහි පහළ වන ජවන් සිත් හතෙන් පළමුව පහල වන සිත දිට්ඨධම්ම වේදනීය කර්මයට අයත් වනු ඇත. හත්වන සිත උපපජ්ජ ාව්දනීය කර්මයට අයත් වන අතර දෙවැනි, තුන්වැනි, හතරවැනි, පස්වැනි හා හයවැනි සිත් අපරාපරිය වේදනීය කර්මයට අයත් වෙයි.කල්ප සිය ගණනක් ගත වුවද මේවායේ විපාක කළ අයට විඳීමට සිදුවීම වැළැක්විය නොහැක.සියලු කෙළෙසුන් නසා ලොව් තුරා බුද්ධත්වයට පත් බුදු හිමියන්ට පවා පෙර භවවල කළ අකුසල්වලට විපාක විඳින්නට සිදුවිය. බුදුන් වහන්සේ වේරාංජාවේ වස් වැඩවිසූ තුන්මාසයේ දානය ලෙස ලැබුනේ යවහාල් බත්ය. මීට හේතුව පෙර භවයකදී පසේ බුදු වරයකුගේ අනුගාමී පිරිසකට “යව කනු” හාල් නොකන ලෙස නින්දා කොට බැණ වැඳීමේ විපාකයයි.
බුදුන්වහන්සේ නිතර පීඩාවින්ඳි හිස රුදාවකින් වැඩ සිටි බව බුද්ධ චරිතයෙන් පෙනේ. මීට හේතුව වී ඇත්තේ මාළුන් අල්ලන තැනක සිට එම ක්‍රියාවෙන් සතුටට පත්වී තිබීමයි. මෙලෙස කළ දෙය තම පසුපස පැමිණ කුසල හා අකුසල වශයෙන් දෙකට බෙඳී විපාක දෙන බව කර්මය පිළිබඳ ඉගැන්වීමෙන් පැහැදිලි වෙයි.
විපාක දෙන ක්‍රම වශයෙන් කර්මයේ ප්‍රෙභ්ද 4කි.
1. ගරුක කර්ම
2. ආසන්න කර්ම
3. ආචින්න කර්ම
4. කටත්තා කර්ම
1. ගරුක කර්ම යනු ස්ථීරවම ඉලඟ ආත්මයේ උපන්විට විපාක ගෙන දෙන කර්මයන්ය. වෙනත් කිසිඳු කර්මයකින් යටපත් කළ නොහාකි ප්‍රබල කර්ම මේ ලෙස හැඳින්වේ. ගරුක කුසල කර්ම හා අකුසල කර්ම ලෙස කොටස් දෙකකි. ගරුක අකුසල කර්ම යනු පංචාන්තරීය පාප කර්මයි. එබඳු අකුසල් කර්මයන් කළ තැනැත්තෙකු මරණින් නතු ස්ථීරවම අපාගත වන බව ධර්මයේ දැක්වෙයි.
2. ආසන්න කර්ම යනු මරණාසන්න සිටියදී කළ හෝ මතකයට නැඟී ආ පෙර කරන ලද කර්මයයි. මට්ටකුණ්ඩලී මරණාසන්න අවස්තාවේදී බුදු රජානන් වහන්සේ දැක සතුටු වී සිත පහදාගෙන මිය ගිහ නිසා දෙව්ලොව උපත ලැබීය. බොහෝ පින්කළ මල්ලිකා දේවිය එක් අවස්ථාවක කියූ බරපතල බොරුවක් ආසන්න කර්මය ලෙස ඉස්මතු වූ නිසා සත් දිනක් දුක් ඇති තැනක උපත ලබා දුක් වින්දාය.
3. ආචින්න කර්ම යනු යමෙකු තම ජීවිත කාලය තුලදී නිතර නිතර කර පුරුදු පුහුණු කෙරු කර්මයන්ය. මාස්පතා පොහොයට සිල් ගනීම , විහාරස්ථානවලට හෝ දුගී මගී යාචකයන්ට හා වැඩිහිටියන්ට නිවාස මෙන්ම ළමා නිවාස ආදිය දන්දීම වැනි කුසල කර්ම කර්ම ආචින්න කර්ම බවට පත්කර ගැනීමට කලිපනා කාරී විය යුතුය.
4. කටත්තා කර්ම යනුවෙන් පහදා දී ඇත්තේ හදිස්සියේ ඉඳහිට කාලාතුරකින් කරණ කුසල හා අකුසල ක්‍රියාවන්ය.
කෘත්‍ය වශයෙන් කර්මය 4 ආකාරයක් වේ.
1. ජනක කර්මය
2. උපත්ථම්භික කර්මය
3. උප පීඩක කර්මය
4. උප ඝාඨක කර්මය යනුවෙනි.
ජනක කර්ම යනු වෙනත් ආත්මයෙක කෙනෙකුගේ උපත සිදු වීමට මුල් වන කර්මයයි. සැප හෝ දුක ඇති තැනක උපතක් ලබා දීමට මුල්වන්නේ ජනක කර්මයි. ඇතැම්විට ජනක කර්ම බවට පත්ව අලුත් භවයක උපත සඳහා ප්‍රතිසන්ධි සිත ගරුක, ආසන්න, ආචින්න, කටත්තා, කර්මයක් වුවද ඉදිරිපත් විය හැකිය.
උපත්ථම්භික කර්ම යනු ජනක කර්මයට අනුබල දෙන කර්මය ලෙස දැක්වෙයි. ජනක කර්මයකින් යම් තැනක උපත ලද විට කළ කුසල හා අකුසල අනුව විපාක ගෙනදෙන ශක්තිය මීට අයත්ය.
උප පීඩක කර්මය යනු සැප හෝ දුක විඳීමට ඉඩක් නොතබා ඊට බාධා පමුණුවන කර්මයයි. උපත ගෙන දීමට මුල්වූ ජනක කර්මයේ ශක්තිය උපපීඩික කර්මය මගින් යටපත් වෙයි.
උපඝාතක කර්මය සිදු කරන්නේ ජනක කර්මය හේතුවෙන් උපත ලදවිට සැප හෝ දුක ලැබීමට නියමිත නම් ඒ සියල්ල මුළු මනින්ම බැහැර කරන ශක්තිය ඇති කර්මයයි. දුක් විදින්නන් සැපවිදින්නන් බවටද සැපවිදින්න් දුක් විදින්නන් බවටද පත්වන්නේ මෙම උපඝාත කර්මය මගිනි.
කර්මය පිළිබඳව අවබෝධය සසර ගමන සුවපත් කරගැනීමට අතිශයින් ඉවහල් වේ.ගමන දැන යාම නොදැන යාමට වඩා හොඳය. සිතෙන්, කයෙන්, වචනයෙන්, සිදුවන සචේතනික ක්‍රියා කර්ම බවට පත්වන අයුරු ඉහත විස්තර මගින් පැහැදිලි වේ.බුදු දහම කවරෙකුට වුවද ප්‍රත්‍යක්ශ කර දැන ගත හැකි ප්‍රායෝගික ඉගැන්වීම් රැසකකින් යුක්තය. කර්මය පිළිබඳ තම වටපිවාව දෙස කල්පනා කාරීව බලන කෙනෙකුට පවා කර්ම නියාමයන්ට අනුව ඇතැම් දේ සිදුවන බව වටහා ගත හැක.
කෙසේවෙතත් බුදු දහම කිසිම තැනක සියලු දේ කර්මය නිසා සිදුවන බව කියා නැත. උත්සහය හා කල්පනාකාරීව කටයුතු කිරීමෙන් කර්මය පවා වෙනස් කර ගතහැකි බව සඳහන් වන්නේය. නොදැන යමෙකු වැරදි කරද එය වටහාගෙන නිවැරදි වී සහනය අත්විඳීමට කාටවත් වූවද බාදාවක් නැත. පෙර පමාවී පසුව අප්‍රමාදී වීමෙන් වලාකුළු පලා එන සඳ එළිය කළ හැකි බව දම්ම පද ගාතාවකින් දැක්වෙන්නේය. සියල්ල පෙර කළ කර්මයට පවරා කුසීතව කාලය ගතකිරීම කිසිවිට නොකළ යුතුය.
@priyankahdp
Copy link
Author

තෙරුවන් සරණයි අය්යේ

👍👍👍

Sign up for free to join this conversation on GitHub. Already have an account? Sign in to comment