Created
April 6, 2013 13:21
-
-
Save sajithdilshan/5326099 to your computer and use it in GitHub Desktop.
This file contains bidirectional Unicode text that may be interpreted or compiled differently than what appears below. To review, open the file in an editor that reveals hidden Unicode characters.
Learn more about bidirectional Unicode characters
දෙව්-රම් අසල්වැසි තැන සූකර කොටුව..... | |
වටලාපියව්, ගෙන එව් අල්ලා බොටුව.... | |
කවමින් සිවුර කැහැපට සඟ ඝණ කැටුව.... | |
නොවැඩිය කිමද මග සිරි සදහම් දෙටුව.... | |
කොසඹෑවෙහි ගඳඹ මුල පෙළහර නොතියා.... | |
"පරයන් තීර්ථක ඉවසුම දැන් ඇතියා...." | |
ජනයා අභිමුවෙහි පුහු තොවිලය නොතියා.... | |
මනැසින මසැස පැරදුව උත්තම ගතියා.... | |
සිවුරට උරුම සීලය දෙන තැන නො-ඉඳ.... | |
පාරේ රඟා විලසට පණු ගුළි ඉ-හඳ..... | |
නොසරුප් බසින් වැදි දම් දෙසනා දු-ගඳ.... | |
සේනාවලට වසවතු පැරදිය හැකි-ද...? | |
අම්මට බොලව් සැට සතරක් දහම් වෙති.... | |
දැන් නම් යකෝ මේවා ඉවසුවා ඇති.... | |
පිබිදෙව්, නැගෙව්, වටලව් පා කෙසර ගති.... | |
කිව්වද එදත් උතුමන් සිත නිවන ඇති.... | |
වෛරය ගින්නකිය - ගින්නෙන් නැත නිවුම.... | |
මෙත් කරුණා දියෙනි නිම වනුයේ දැවුම.... | |
මහණෙනි අසව්, නොහොබී කාළය ගෙවුම.... | |
නොපමා වව් සොයව්, මා හෙළි කල නිවුම.... | |
මෙවදන් ඔවා ලෙස ගිහියන්ටත් දුන්නේ.... | |
මොකටද එක, එකාගේ පස්සෙන් යන්නේ... | |
වැසියනි සසුන නැත පිටතින් වියැ - කෙන්නේ... | |
නියරයි, වැට තමා මේ ගොයමත් කන්නේ..... | |
බොනවද දහම් පැන් - නැත්තං පොවන්ඩද...? | |
මොනවද අඩෝ පන්සිල් - කණ පලන්ඩද..? | |
වෙනවද නිදුක් - නැත්තං දුක් නිවන්ඩද...? | |
යනවද නිවන් - නැත්තං තෝ යවන්ඩද...? |
Sign up for free
to join this conversation on GitHub.
Already have an account?
Sign in to comment